චීන රජයේ අවසරයකින් තොරව, පිලිපීන නෞකා පසුගිය 5 වැනිදා චීනයේ Nansha දූපත්වල Ren’ai ගල්පරය අසල මුහුදට ඇතුළු වී ඇති අතර, චීන වෙරළාරක්ෂක නෞකාවකට ද කඩා වැදුණු බව චීන ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශක Zhang Xiaogang මහතා පවසනවා.
එයට චීන වෙරළාරක්ෂක බලකාය නීත්‍යානුකූල හා විධිමත් පියවර ගෙන තිබේ.
පිලිපීනයේ මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරන බව ද ඔහු අවධාරණය කළා.
මෙවැනි සියලු ප්රකෝපකාරී ක්‍රියාමාර්ගයන් වහාම නතර කරන ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලා සිටින බවත්, පිලිපීනයේ එවැනි ක්‍රියාවන්ට සහාය දීම නතර කරන ලෙස චීනය අනෙකුත් රටවලින් ඉල්ලා සිටින බවත් Zhang Xiaogang මහතා ප්‍රකාශ කර තිබේ.