මුලතිව් ඔඩ්ඩුසුඩාන් කත්සිලෙයිමඩු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ ටිපර් රථයක් පෙලිස් අණනොතකා ධාවනය කිරීම හේතුවෙන් ඊයේ (14) සවස අදාල අදාල ටිපර් රථයට වෙඩිතබා තිබෙනවා.
පොලිසිය පැවසුවේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි.
ඔඩ්ඩුසුඩාන් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් මත්දුව්‍ය ජාවාරම් හේතුවෙන් පොලිස් නිල සුනකයින්ද යොදාගනිමින් මාන්කුලම් මුලතිව් ප්‍රධාන මාර්ගයේ ඊයේ දින විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කරන ලද අතර එහිදී මාන්කුලම් සිට පුදුකුඩිඉරිප්පු දෙසට ධාවනය වූ ටිපර්රථයකට පොලීසිය විසින් නවතන ලෙසට අණලබා දී තිබෙනවා.
ඒහිදී ටිපර්රථ රියදුරු විසින් පොලිස් අණනොතකා ධාවනය කිරීම හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ටිපර් රථයේ පසුපස රෝදවලට වෙඩිතබා ටිපර් රථය නවතා ඒහි රියදුරු පොලිස් භාරයට ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් ටිපර්රථයේ නීතිවිරෝධී කිසිවක් හමු නොවී ඇති අතර රියදුරු පොලිස් අණනොතකා ධාවනය කිරීමට හේතුව අනාවරනය වී නැහැ.