දේශීය ලොකු ළූණු වගාකරුවන් දිරි ගැන්වීමේ වැඩසටහනක් දඹුල්ල ,සීගිරිය, ගලේවෙල හා නාඋල යන ප්‍රදේශවලදී ක්‍රියාත්මක කෙරුණා.
මාතලේ දිස්ත්‍රික්කයේ දේශීය ලොකු ළූණු හෙක්ටාර දෙදහසක වගා කිරීම මෙවර අපේක්ෂාවයි.
ඒ සඳහා ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආරම්භ කළා.
අතමිට සරුවන ලොකුළූණු වගාව මෙන්ම කලට කන්නට ලොකුළූණු වගා ආරම්භ කරමු යන තේමාව යටතේයි මෙම දැනුවත් කිරීම සිදු කෙරුණේ.
කෘෂි නිලධාරීන් ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කළා.
ප්‍රදේශයේ පවුල් 2500ක් පමණ දැනුවත් කිරීම අපේක්ෂාවයි.