හම්බන්තොට ගන්නොරුව සෝලාර් එනර්ජි පාක් හි මෙගාවොට් 150ක බිම්ගත සූර්ය පැනල බලශක්ති ව්‍යාපෘතිය සංවර්ධනය වෙනුවෙන් විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමට අත්සන් තැබුනා.
ව්‍යාපෘතිය දේශීය සංවර්ධයකයන් සහ ආයෝජකයන් 17 දෙනෙකු එකතුව සංවර්ධනය කරනවා.
මෙගාවොට් 10 බැගින් වන බලාගාර 13 කින් ද මෙගාවොට් 5 බැගන් වන බලාගාර 04 කින් ද සමන්විත වනවා ඒ අනුව සමස්ත ධාරිතාව මෙගාවොට් 150 ක්.
ලබන මැයි මාසයේදී ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
2025 වසරේ මැද භාගය වන විට ජාතික විදුලිබල පද්ධතියට මෙහි විදුලිය සම්බන්ධ කිරීමටයි සැළසුම් කර ඇත්තේ.
අමාත්‍ය කංචන විජේසේකර , රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.