ගාලු කොටුවේ තිබෙන සියලු රජයේ කාර්යල එයින් ඉවත් කර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනුවෙන් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ වගේම මහ මෝදර, ගාල්ල බන්ධනාගාරය පැවති ස්ථාන සංචාරක කලාපයක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
ඒ අනුව ගාල්ල මෙරට ප්‍රධාන සංචාරක නගරය බවට පත් කරන බවද රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා
ඒ මහතා මෙම අදහස් පල කළේ හෝලුවාගොඩ ඉදි කළ “සෙරින් රිවර් පාර්ක්” පාරිසරික උද්‍යානය ඊයේ (13) පස්වරුවේ ජනතා අයිතියට පවරා දීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
“මෙම ව්‍යාපෘතිය ආර්ථිකය දියුණු කරන වැඩසටහනක්.
අප දැන් අවධානය යොමු කළ යුත්තේ මෙවැනි වැඩසටහන් පිළිබඳවයි.
අද ගාල්ල ප්‍රධාන සංචාරයක ප්‍රදේශයක් බවට පත්ව තිබෙනවා.
එය අප තවත් දියුණු කළයුතුයි.
මේ තුළින් මෙම ප්‍රදේශවල ජනතාවට විශාල ආදායමක් ලබාගත හැකියි.
සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා වගේම අප පරිසරය ආරක්ෂා කරගත යුතුයි.
මෙවැනි උද්‍යාන ආරක්ෂා කිරීම වෙනුවෙන් වෙනම පනත් කෙටුම්පතක් සම්මත කිරීමටත් බලාපොරොත්තු වෙනවා.
නැතිනම් විවිධ ගොඩනැගිලි ඉදිකරමින් මෙම පරිසර උද්‍යානයේ අලංකාරය නැති කිරිමට පුද්ගලයන් කටයුතු කරනවා.
අප සංචාරක ව්‍යාපාරය දියුණු කිරිමේදී එහි සුවිශේෂී ස්ථානයක් දකුණු පළාතට හිමි වෙනවා.
ගාලු කොටුවේ තිබෙන සියලු රජයේ කාර්යල එයින් ඉවත් කර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනුවෙන් ලබා දීමට අප කටයුතු කරනවා.
ඒ වගේම මහ මෝදර, ගාල්ල බන්ධනාගාරය පැවති ස්ථාන සංචාරක කලාපයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව ගාල්ල මෙරට ප්‍රධාන සංචාරක නගරය බවට පත් වෙනවා.
සංචාරක ව්‍යාපාරය රටට ඉක්මණින් ආදායම් උපයා දෙන ක්ෂේත්රයක්.
මුහුදු සීමාව තුළ පවතින සංචාරක ව්‍යාපාරය රට තුළට ගෙන ඒමට මෙවැනි ව්‍යාපෘති මහත් රුකුලක් වෙනවා.
මුහුදුකරයට පමණක් සංචාරක ව්‍යාපාරය සීමා විය යුතු නැහැ.
අපි රටට සංචාරකයන් වැඩි ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට මෙන්ම වැඩි මුදලක් වියදම් කරන සංචාරකයන් ද ගෙන්වා ගැනීමට කටයුතු කළයුතුයි.
රටේ කඩා වැටුණු ආර්ථිකය නැවත ගොඩනැඟීමට හැකිවනු ඇතැයි කිසිවෙකු සිතුවේ නැහැ.
වසර දෙකකට පෙර ඉන්ධන තිබුණේ නැහැ.
පොහොර, ඖෂධ තිබුණේ නැහැ.
අද ඒ සියල්ල තිබෙනවා.
ඒ වගේම ජනතාව මුදල් උපයනවා.
ඒ වගේම කුරුඳු වගාව පිළිබඳ අප අවධානය යොමු කළ යුතුයි.
තේ බෝගයට සුදුසු තැන් වල තේ වගා කර අනෙක් ස්ථානවල කුරුඳු වගා කිරීමෙන් ඉහළ ආදායමක් උපයාගත හැකියි.
එමෙන්ම තාක්ෂණ අධ්‍යාපනය ලබා දෙන ආයතන මේ ප්‍රදේශවලට ගෙන ඒමට අප සැලසුම් කර තිබෙනවා.
මෙම කටයුතු සමග ගාල්ල විශාල දියුණුවකට ලක්වනු ඇතැයි අප විශ්වාස කරනවා.”