ඕස්ට්‍රේලියාවේ රත්රන් පතලක් කඩා වැටීම හේතුවෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකුට තුවාල සිදුව තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ බැලරට් හි රන් ආකරයක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
මෙල්බර්න් අසල බැලරට් හි පිහිටි මෙම පතල අඩි 1,640 ක් පොළව යටින් පිහිටා තිබෙනවා.
සිද්ධිය වන අවස්ථාවේ තවත් පතල් කම්කරුවන් 29 දෙනෙකු ඒ අසල රැඳී සිට තිබෙනවා.
මිය ගිය පුද්ගලයා 37 හැවිරිදි වියේ පසු වනවා.
මිට පෙර 2007 හා 2021 වසර වලදී ද මෙම පතලේ අනතුරු සිදුව තිබුණා.