ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව සහ සංරක්ෂණය පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහා ඕස්ට්‍රේලියානු විශේෂඥයින් කණ්ඩායමක් උතුරේ සංචාරයක නිරත වනවා.
අනවසරයෙන් විදෙස් රටවලට ඇතුළු වීම සහ සෙසු සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා විශේෂඥයින් කණ්ඩායම මෙම අධීක්ෂණය සිදුකරනවා.
ශ්‍රී ලාංකිකයන් මුහුදුබඩ මාර්ගයන් හරහා විදේශ රටවලට සංක්‍රමණය වීම නැවැත්වීම පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමුකර තිබෙනවා.
ඕස්ට්‍රේලියා දූත පිරි උතුරු පළාත් ආණ්ඩුකාර පී එස් එම් චාල්ස් මහත්මිය හමු වී පළාතේ සමුද්‍රීය ආරක්ෂාව හා සංරක්ෂණය සම්බන්ධයෙන් සාකච්ඡාවකද නිරත වුණා.
උතුරු පලාතට දැඩිව පවත්නා අවශ්‍යතා පිළිබඳව මෙහිදී ආණ්ඩුකාරවරිය ඕස්ට්‍රේලියා දූත පිරිස දැනුවත් කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/HwKbTCUDoO8″]