ප්‍රවීණ මාධ්‍යවේදී අශෝක තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වුණා.
කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වුණේ.
කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ තිලකරත්න මහතා 1967 වසරේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට එක් වුණා.
දීර්ඝ කාලයක් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ඒ මහතා සිංහල හා ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම ප්රවෘත්ති ඉදිරිපත් කළ නිවේදකයෙක්.
අශෝක තිලකරත්න මහතා ලක්හඩ ගුවන්විදුලියේ වසර 06 ක පමණ කාලයක් වැඩසටහන් කළමනාකරුවකු ලෙස කටයුතු කළා.