විගමණය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සඳහා පිහිටුවා ඇති ජාතික උපදේශක සභාව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) රැස්වුණා.
එහිදී විගමණය පිළිබඳව වන ජාතික ප්‍රතිපත්ති සඳහා පිහිටුවා තිබෙන ජාතික උපදේශක සභාවේ නිර්දේශ අනුව සකස් කළ ප්‍රතිපත්ති සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව අමාත්‍යවරයා දැනුම් දුන්නා.
ඒ අනුව දැනට විෂය සම්බන්ධයෙන් වන කාර්යය ක්රියාවේ යෙදවීම සඳහා සහයෝගය දෙන ලෙස රැස්වීමට සහභාගි වූ සියලු පාර්ශ්ව වෙත අමාත්‍යවරයා ආරාධනා කළා.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට ප්‍රධානී Joni Simpson, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයාගේ උපදේශක පද්මිණී රත්නායක, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, ජාත්‍යන්තර කම්කරු සංවිධානය, සංක්‍රමණය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය යනාදී ආයතනවල නියෝජිතයෝ රැස්වීමට සහභාගි වුණා.