ගතවූ පැය 24ක කාලය තුළ දිවයින පුරා ක්‍රියාත්මක කළ යුක්තිය මෙහෙයුම්වලින් අපරාධකරුවන් 1017 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 924 දෙනෙකු ද අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 93 දෙනෙකු ද මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින්ග්‍රෑම් 395ක් , අයිස් ග්‍රෑම් 184ක් , ගංජා කිලෝග්‍රෑම් 20ක් ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා.
වරෙන්තුකරුවන් 11 දෙනෙකු මෙන්ම විවෘත වරෙන්තුකරුවන් 76 දෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට හැකිවුණා.
ගම්පහ දිස්ත්‍රික්කයේ අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකළ ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවෙකු රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වුණා.
රාජ්‍ය බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලය මගින් ක්‍රියාත්මක කළ විශේෂ වැටලීම් යතුරුපැදි කණ්ඩායමේ මෙහෙයුමකට අනුවයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
බෙදාහැරීම සඳහා ඉනේ සගවාගෙන තිබූ අයිස් ග්‍රෑම් 45ක ප්‍රමාණයක් ද සොයාගැනීමට පොලීසියට හැකිවුණා.
ඔහු කාන්තාවන් 4 දෙනෙකු විවාහ කරගෙන ඇති බවද හෙළිකර ගැණුනා.
එක් බිරිඳකගේ නිවසක් පරීක්ෂාවට ලක්කළ අවස්ථාවේ දී එහි තොග වශයෙන් ලබාගන්නා අයිස් මත්ද්‍රව්‍ය පැකට් කරන බව හෙළිකරගෙන තිබෙනවා.
මත්පෙති තොගයක් සමඟ කාන්තාවක අත්අඩංගුවට ගැනීමට මොනරාගල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් සමත්වුණා.
තණමල්විල හම්බේලගමුව ප්‍රදේශයේ කළ වැටලීමකදීයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඇය කළක්පුරා මෙම ජාවාරම සිදුකර ඇති බවට තහවුරු කර ගැණුනා.
කුරුණෑගල ප්‍රදේශයේ සිදුකළ යුක්තිය මෙහෙයුමේදී ද නීතිවිරෝධී මත්පැන් , මත්කුඩු සමඟ සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවුණා.
කුරුණෑගල බණ්ඩාරනායක පුර හා අලකොලදෙණිය යන ප්‍රදේශවල මෙම සෝදිසි කිරීම් සිදුකෙරුණා.
එහිදී නිවසක ඉතා සූක්ෂම අයුරින් නීතිවිරෝධී අයුරින් මත්පැන් සඟවා තිබියදී සොයා ගැණුනා.