ඊශ්‍රායල හමුදා තමන්ට අමානුෂික ආකාරයෙන් පහරදුන් බව ගාසා රෝහලක කාර්ය මණ්ඩලය පවසා තිබෙනවා.
පසුගිය මාසයේ දී ගාසා තීරයේ නසාර් රෝහල අත්පත් කර ගැනීමෙන් පසු ඊශ්‍රායල හමුදා තමන්ව අත්අඩංගුවට ගෙන ගැට ගසා නොකඩවා පහරදුන් බව එම සෞඛ්‍ය අංශ සේවකයින් පිරිස බීබීසී පුවත් සේවය වෙත පවසා තිබෙනවා.
අහමඩ් අබු සබා නැමැති වෛද්‍යවරයා බීබීසී පුවත් සේවයට සඳහන් කර ඇත්තේ සතිය පමණ කාලයක් තමන් ඊශ්‍රායල අත්අඩංගුවේ පසුවු බවයි.
ඔහුට පහර දී දෙඅත් බිඳ දැමීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ කටයුතු කළ බව ද ඔහු පවසා තිබෙනවා.
ඔහු සමඟ සිටි තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුට දණගස්වා අඛණ්ඩව පහරදුන් බවයි ඔහු තවදුරටත් අනාවරණය කර ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වු තොරතුරු සත්‍ය බව බීබීසී පුවත් සේවය සඳහන් කරන අතර ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය මගින් ඒ පිළිබඳ විමසීමක් සිදුකළ ඔවුන් ඒ පිළිබඳ ප්‍රතිචාර දක්වා නොමැති බව ද සඳහන්.