එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපතිතුමා සහ අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.
ඒ මෙරට පුනර්ජනනීය බලශක්තිය සඳහා වන ආයෝජන අවස්ථා සහ උපාය මාර්ගික බලශක්ති සම්බන්ධතා සම්බන්ධයෙන්.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය මේ වනවිට පුනර්ජනනීය බලශක්තිය හා බලශක්ති සංවර්ධනය සම්බන්ධයෙන් සීග්‍ර සංවර්ධනයක් ලබාගෙන තිබෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයන් හට වඩාත් ආකර්ෂණීය මෙන්ම ගැලපෙන ආයෝජන අවස්ථා උදාකිරීම සඳහා වන ව්‍යාපෘති හදුනාගෙන, නව සුදුසු ආයොජන වෙනුවෙන් අවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා මෙරටට ආරාධනා කිරීම සහ වැඩපිළිවලක් සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවා.