රියදුරු නොමැති ලොරියක් පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණි වලේබොඩ මහතාගේ නිවසට කඩා වැදී තිබෙනවා.
බලංගොඩ මිරිස්වත්ත ප්රදේශයේ පිහිටි මන්ත්රීවරයාගේ නිවසට මෙම ලොරි රථය කඩාවැදීම හේතුවෙන් නිවසට හානි සිදුව ඇති බවයි බලංගොඩ පොලීසිය පවසන්නේ.
කෙසේවෙතත් අනතුර සිදුවන අවස්ථාවේ මන්ත්රීවරයා නිවසේ සිට නැහැ.
නිවසට ඉහළින් ඇති මාර්ගයේ ලොරි රථය නතර කර ඊට භාණ්ඩ පටවන අවස්ථාවේ එක්වරම එය ධාවනය වී ඇති බවයි මූලික විමර්ශන වලදී හෙළිව තිබෙන්නේ.
බලංගොඩ පොලීසිය මේ පිළිබද පරීක්ෂණ සිදුකරනවා.