ගම්පහ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලීසිය සමඟ ඇති වු ගැටුමකදී මිය ගොස් තිබෙනවා.
මෙම සැකකරු ඊයේ දිනයේ දී තණමල්විල හම්බේගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුනා.
ඒ සැකකටයුතු පුද්ගලයෙකු ප්‍රදේශයේ සැරිසරන බවට හම්බේගමුව පොලීසියට ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරකට අනුව කළ වැටලීමකදීයි.
මෙම සැකකරු අරලගන්විල කාශ්‍යප ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ඉදිරි විමර්ශන සදහා පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශයට භාරදී තිබෙනවා.
අත්තනගල්ල යටවක ප්‍රදේශයේ සගවා තිබු ආයුධ සොයා ගැනීමට රැගෙන යමින් සිටියදී පළා යාමට තැත්කර තිබෙනවා.
එහිදි පොලිසිය කළ වෙඩි තැබීමකින් සැකකරු මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.