අපරික්ෂාකාරි ලෙස ධාවනය කල යතුරු පැදියක් දෙමෝදර ප්රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා.
ඒ ඉදිරියෙන් ආ ටිපර් රථයක වැදී විසිවී තවත් ටිපර් රථයක් යටට විසිවීමෙන් .
බදුල්ල දෙස සිට කුකුලුමස් තොගයක්ද රැගෙන බණ්ඩාරවෙල දෙසට ගමන් කරමින් සිටි යතුරුපැදි කරු ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ දියතලාව යුද හමුදා කඳවුරට අයත් ටිපර් රථයක් අපරීක්ෂාකාරි ලෙස ඉස්සර කිරීමට යාමේදී බදුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ තවත් ටිපර් රථයක වැදී තිබෙනවා.
පසුව ඇසුණු ශබ්දයට ඉදිරියෙන් ගිය යුද හමුදා ටිපර් රථයේ රියදුරු තම රථය ක්ෂනිකව නවතා ඇති අතර යතුරු පැදිකරු යතුරු පැදිය සමග වට කිහිපයක් කැරකී යුද හමුදා ටිපර් රථය අසලට විසිවී තිබෙනවා.
යතුරුපැදි කරු බරපතල තුවාල ලබා දෙමෝදර ප්රාදේශීය රෝහලට ඇතුලත් කර මූලික ප්රතිකාර ලබා දීමෙන් අනතුරැව තත්ත්වය බරපතල බැවින් බදුල්ල ශික්ෂණ රෝහල වෙල මාරු කර යැවුණා.