ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් විපක්ෂය ඉදිරිපත් කරන මතවාද වලට අවස්ථාවක් ලබාදීම සදහා මෙම සාකච්ඡා පැවැත්වෙන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන සාකච්ඡාවට මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිප දෙනෙකු සහභාගී වීමට නියමිතයි.
මෙම සාකච්ඡාව සදහා සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය සහ දෙමළ ජාතික සන්ධානයට ආරාධනා කර තිබුනා.
එහෙත් සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය ඊයේ ප්‍රකාශ කළේ එම සාකච්ඡා සදහා සහභාගී නොවන බවයි.
කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානය සාකච්ඡා සදහා සහභාගීවන බවට තිරණය කර තිබෙනවා.