මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
මධ්‍යම තැපැල් හුවමාරුව ස්ථාපිත කර ඇති මහල් 8ක ගොඩනැගිල්ලේ අක්‍රීය වී ඇති විදුලි සෝපානය අලුත්වැඩියා නොකිරීමට විරෝධය පළකරමිනුයි ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කර තිබෙන්නේ.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ මේ බව ප්‍රකාශ කළා.
ඔවුන් පවසන්නේ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවයේ නිරත සියයට 40කට ආසන්න කාන්තාවන් ඉන් අපහසුතාවයට පත්ව ඇති බවත් ඒ අතර ගැබිණි මව්වරුන්ද සිටින බවයි.
විදුලි සෝපානය අක්‍රීය වී වසරකට ආසන්න කාලයක් ගතවුවද එය අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් තැපැල් මළු ගොඩනැගිල්ල තුළ එහා මෙහා ගෙනයාමට සේවකයින්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බව ඔවුන් පවසයි.
රජය එය නැවත සකස්කිරීමට මාස 3ක් කාලසීමාවක් ඉල්ලා සිටින බව පැවසූ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසන්නේ මාසයක් ඇතුළත එය නැවත සකස් කිරීමට අපොහොසත් වුවහොත් අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹෙන බවයි.