ජ්‍යෙෂ්ඨ ප්රවෘත්ති නිවේදිකාවක සහ කලා ශිල්පිනියක වූ අභාවප්‍රාප්ත රම්‍යා වනිගසේකර මහත්මියගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වූවා.
දේහය අද දහවල් ගුවන්විදුලි සංස්ථාව වෙත රැගෙන ඒමට නියමිතයි.
එදාමෙදා තුර ගුවන් විදුලි ක්ෂේත්රයේ බිහිවූ කාන්තා හඩ පෞරුෂයකට උරුමකම් කී රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වනවිට 73 වන වියේ පසුවුණා.
ඇයගේ දේහය බොරැල්ල රේමන්ඩ් මල් ශාලාවේ මේ වනවිට තැන්පත් කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු පවුලේ ඥාතීන්ට සිය සංවේගය පළකළා.
ඇයගේ දේහය අද දහවල් ගුවන් විදුලි සංස්ථාව වෙත රැගෙන ඒමට නියමිතයි.
හොදම ප්රවෘත්ති නිවේදනයට හිමි සම්මානය කිහිපවරක්ම දිනාගත් ඇය කලා ක්ෂේත්රය තුළ ද සිය දක්ෂතා මැනවින් ප්‍රදර්ශනය කළා.
වේදිකාව මෙන්ම ටෙලිනාට්‍ය තුළින් ද ප්‍රේක්ෂක හදවත් සුවපත් කිරීමට ඇය දායක වූ නිර්මාණවලට හැකිවීම විශේෂත්වයක්.
අභාවප්‍රාප්ත රම්‍යා වනිගසේකර මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේ දී අද පස්වරුවේදී සිදුකිරීමට නියමිතයි.