බංග්ලාදේශයට එරෙහිව 20-20 තරගාවලිය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.
ඒ අද පැවති තුන්වන තරගය ලකුණු 28 කින් ජයගනිමින්.
නුවන් තුෂාර මෙම තරගයේදී කඩුළු ත්‍රිත්වයක් ලබාගැනීමට සමත් වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07 ක් දැවී ලකුණු 174 ක් ලබාගත්තා.
කුසල් මෙන්ඩිස් හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් සමගින් පන්දු 55 කදී ලකුණු 86 ක් රැස් කළා.
පන්දු යැවීමේදි තස්කින් අහමඩ් හා රිෂාඩ් හුසේන් කඩුලු දෙක බැගින් බිදහෙළුවා.
පිළිතුරු ඉනිම ආරම්භ කළ බංග්ලාදේශයේ පළමු කඩුල්ලෙ ලෙස ලිට්න් දාස් මුළු ලකුණු සංඛ්‍යාව 13 ක්ව තිබියදී දැවී ගියා.
ඉන් පසු ක්‍රියාත්මක වූ නුවන් තුෂාර තමන් යැවූ පළමු පන්දුවාරයේදීම කඩුළු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත් වුණා.
එයට ගොදුරු වූ පිතිකරුවන් වූයේ හුසේන් නජ්මුල් සන්තෝ, තහුහිඩ් රිදෝයි හා මුහමදුල්ලායි.
ඒ වන විට මුළු ලකුණු සංඛ්‍යාව සටහන් වූයේ ලකුණු 15 ක් ලෙසයි.
කෙසේ වුවත් බංග්ලාදේශය පන්දුවාර 19යි පන්දු 4 කදී සියලු ක්‍රිඩකයන් දැවී රැස් කළේ ලකුණු 146 ක් පමණයි.
රිෂාඩ් හුසේන් ලකුණු 53යි. නුවන් තුෂාර ලකුණු 20ට කඩුලු 05 ක් බිඳ හෙළුවා.