අනුරාධපුර රබෑව ප්රදේශයේ සිදුවූ අනතුරකින් තරුණයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
සංගීත සන්දර්ශනයක් නරඹා යළි නිවෙස්කරා ගමන් කරමින් සිටි පිරිසකගේ ජීප් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.
ඊයේ අලුයම දෙකයි තිහට පමණයි අනතුර සිදුව ඇත්තේ.
රබෑව සිට අනුරාධපුර දෙසට ධාවනය කළ ජීප් රථයේ තරුණයන් 7 දෙනෙකු හා තරුණියන් දෙදෙනෙකු ගැටී තිබෙනවා.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ 5 දෙනෙකු රබෑව රෝහලට ඇතුලත් කෙරුණා.
එසේ ඇතුලත් කළ තරුණයින් තුන් දෙනෙකුයි මිය ගියේ.
ඔවුන් අවුරුදු 14, 19 හා 21 යන වයස්වල පසුවනවා.
තුවාල ලැබූ තරුණියන් දෙදෙනා වැඩිදුර ප්රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුණා.
මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 34 දොඩන්ගොඩ ප්රදේශයේ අද අලුයම සිදුවූ අනතුරක් සිදුවුණා.
අඹුසැමියන් හා ඔවුන්ගේ කුඩා දරුවන් දෙදෙනෙකු ගමන් ගත් මෝටර් රථයක් කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/TYiwhrAafQ4″]