තායිලන්තයේ හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය කොම් ඩබාරන්සි සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් කොළඹදී ඊයේ පැවැත්වුණා.
කෘෂිකර්මය / සංචාරක සහ තවත් ක්ෂේත්‍ර කිහිපයක පවත්නා ආයෝජන අවස්ථා සහ සහයෝගීතාව පිළිබද මෙහිදී සාකච්ඡා කෙරුණා. මෙම සාකච්ඡාවට තායිලන්තයේ හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමග එරට ව්‍යාපාරික දූත පිරිසක් ද එක්ව සිටියා.