ලියාපදිංචි නොවන ආගමික මධ්‍යස්ථාන හරහා ජනතාව අන්‍යාගම්කරණයට ලක් කිරීම වළක්වාලීම සඳහා එම මධ්‍යස්ථාන වැටලීමට කටයුතු කරන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරන ලෙස, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දුන්නා.
ශ්‍රී ලංකාවේ සංඝ නිකාය පාර්ශ්වයන්හි ගරු ලේඛකාධිකාරී නායක ස්වාමීන් වහන්සේලා සමඟ අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ආගමික සිද්ධස්ථාන හා භික්ෂූන් වහන්සේලා සම්බන්ධ ගැටළු ,ආගමික විකෘතිතා සම්බන්ධයෙන් ඉදිරියේ දී ගතයුතු පියවර සම්බන්ධයෙන් ද මහා සංඝරත්නය හා අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
එමෙන්ම ගුවන් ගමන් බලපත්‍රයේ හා ජාතික හැඳුනුම්පතෙහි භික්ෂූන් වහන්සේලා හා සිල් මෑණියන් වහන්සේලාගේ නාමයන් ඇතුළත් කිරීමේදී භික්ෂූන්වහන්සේලා සඳහා Venerable ලෙසත් සිල් මෑණියන් වහන්සේලා සඳහා Reverend ලෙසත් යෙදීමට එහිදී තීරණය කෙරිණි.