හදිසි නීතිය ක්‍රියාත්මක වුවද හයිටියෙහි ප්රචණ්ඩ ක්‍රියා තවදුරටත් සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
හයිටි අගනුවර ප්‍රධානතම බන්ධනාගාරයට සන්නද්ධ කැරළිකරුවන් කඩාවැදී සිරකරුවන් දහස් ගණනක් මුදා ගැනීමත් සමග එරට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කෙරුණා.
කෙසේ වෙතත් ප්රචණ්ඩ ක්‍රියා මධ්‍යයේ ලක්ෂ තුනකට අධික පිරිසක් අවතැන්ව සිටින බව වාර්තා වනවා.
මේ වනවිට හයිටියේ ප්‍රධාන වරාය පර්යන්තයට ද කැරළිකරුවන් කඩාවැදී සිටින බව වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව දැනට පවතින හදිසි තත්ත්වය අප්‍රේල් 3 දක්වා දීර්ඝ කර තිබෙනවා.
ඇඳිරිනීතිය ද අනිද්දා දිනය තෙක් දීර්ඝ කිරීමටයි කටයුතු කර ඇත්තේ.