ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන 20-20 ක්රිකට් තරගය බංග්ලාදේශයේ දී අද පැවැත්වෙනවා.
දෙරට අතර පැවති පළමු 20-20 තරගය ලකුණු 3කින් ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්වුණා.
ඒ අනුව තරගාවලියේ පළමු තරගය ජය ගනිමින් මේ වන විටත් තරගාවලියේ පෙරමුණ ගෙන සිටින්නේ ශ්රී ලංකා කණ්ඩායමයි.
කෙසේ වෙතත් බංග්ලාදේශ ක්රීඩක ජකර් අලි පිළිබඳව ශ්රී ලංකා පන්දුයවන්නන් අද දිනයේදීත් වැඩි අවධානයක් යොමුකළ යුතු බව ක්රීඩා විචාරකයින් පෙන්වා දෙනවා.
එමෙන්ම ශ්රී ලංකා ආරම්භ පිතිකරු ලෙස ක්රීඩා කරන අවිශ්ක ප්රනාන්දු අද දිනයේ දී ලකුණු අතරට පැමිණීම ශ්රී ලංකා ලකුණු සටහනට විශාල වැදගත්කමක් පවතින බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
තරගය ශ්රී ලංකා වේලාවෙන් අද පස්වරු 5.30ට ආරම්භ වීමට නියමිතයි.