විදෙස් රටවල සේවයන්හි නිරත ශ්‍රී ලාංකිකයින්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමට අදාළ නව යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු වෙත විධිමත් බැංකු මාර්ගයෙන් විදේශ ප්‍රේෂණ හුවමාරු කිරීම මත විදේශයන්හි සේවයේ නිරත ශ්‍රී ලාංකිකයින්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත ලබාදීමේ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට 2022 වසරේ අගෝස්තු මස 08 වනදා පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිවී තිබුණා.
එම යෝජනා ක්රමයේ වලංගු කාලය 2024 වර්ෂයේ ජුනි මස 30 වනදා දක්වා දීර්ඝ කිරීමට පසුගිය ජනාවාරි මාසයේ 08 වනදා පැවති කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබෙනවා