විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන්ගේ ජාලය මර්ධනය කිරීමට දිවයිනම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් ක්‍රියාවට නංවා තිබෙනවා.
එම මෙහෙයුමට සමගාමී ඊයේ දිනය තුළ වැටලීම් 634 ක් සිදු කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළා.
එහිදී සැකකාරියන් 11 දෙනෙකු ඇතුළු 633 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් සැකකරුවන් 14 දෙනෙකු වැඩිදුර විමර්ශන සදහා රදවා තබාගැනීමේ නියෝග ලබාගැනීමට අපේක්ෂිත අතර තවත් සැකකරුවන් 04 දෙනෙකු පුනරුත්තාපනය සදහා යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
වැටලීමවලදී හෙරොයින්, අයිස්, ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.
විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන්ගේ ජලාය මර්දනය කිරීම සදහා මෙම මෙහෙයුම් තවතුටත් ක්‍රියාත්මක බවද පොලීසිය තවදුරටත් සදහන් කළා.