මාර්ග කිලෝමීටර් 1500 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව හෝමාගම මාර්ග ප්‍රතිසංස්කරණය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
හෝමාගම බටහිර හොරගල විමලතිස්ස මාවත නැගෙනහිර හොරගල දක්වා කිලෝමීටර් 2 ක කොටස ප්‍රතිසංස්කරණය කර කාපට් ඇතිරීම සිදු කෙරෙනවා.
ඒ සදහා රජයහ වැය කරන මුදල රුපියල් මිලියන 750 ක්. වසර 20 කට වැඩි කාලයක් මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය නොකිරීමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටියා.
නව ව්‍යාපෘතිය තුළින් තමන්ට බලපෑ ගැටලු රැසකට විසදුම් හිමිවන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ පක්ෂ පාට භේදයකින් තොරව එක්ව සියලු දෙනා මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු බවයි.