ඉසුරුපාය විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී එහි සේවකයන් අද උද්ඝෝෂණයක් සිදුකළා.
ඒ එම දෙපාර්තමේන්තුවේ ගිණුම් කොමසාරිස්වරුන් තුන් දෙනෙකුගේ ක්රියාකලාපයට එරෙහිවයි.
ගිණුම් කොමසාරිස්වරුන් තුන් දෙනෙකු අවිධිමත් ලෙස කටයුතු කිරීම හේතුවෙන් ගැටලු රැසක් නිර්මාණය වී ඇති බව ප්රකාශ කරමින් එම සේවකයන් කෑම පැයේ දී උද්ඝෝෂණයක් සිදුකළා.
ඒ හේතුවෙන් විභාග පරීක්ෂකවරුන්ගේ ගෙවීම් ප්රමාද වීම / විභාග සදහා සම්බන්ධ වන සෙසු නිලධාරින් අපහසුතාවට පත්වීම සිදුව ඇති බවට ද ඔවුන් පෙන්වා දෙනවා.
අවස්ථා කිහිපයක දී මෙම කොමසාරිස්වරුන්ට ස්ථාන මාරුවීම් ලැබි තිබුණ ද පෞද්ගලික හිතවත්කම් යොදා ගනිමින් ඒවා අහෝසි කර ගන්නා බවටයි උද්ඝෝෂකයින් චෝදනා කළේ.