එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව,සමගි ජන බලවේගය සහ එක්සත් ජනරජ පෙරමුණ අතර සාකච්ඡාවක් අද (26) සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ දී පැවත්වී තිබෙනවා.
මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සමග මින් පෙර සාකච්ඡා සිදු කළ බව සඳහන්.
මෙම සාකච්ඡාව සඳහා සමගි ජන බලවේගය වෙනුවෙන් එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ගයන්ත කරුණාතිලක සහ මුජිබර් රහුමාන් යන මහත්වරුන් ද, එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් එහි නායක පාඨලී චම්පික රණවක, සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, මහලේකම් බන්දුල චන්ද්‍රසේකර, ජ්‍යෙෂ්ඨ උපසභාපති නීතීඥ ශිරාල් ලක්තිලක, ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක යන මහත්වරුන් ද තිබෙනවා.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක් වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා;
“අපි පසුගිය දාහතර වෙනිදා දේශය වෙනුවෙන් එක්වන වැඩපිළිවෙලක් නමින් වැඩසටහනක්, ප්‍රායෝගික වැඩසටහනක් ඉදිරි අවුරුදු තුනේදී, මේ රට ගොඩ ගැනීම සඳහා වූ වැඩපිළිවෙලක් යෝජනා කළා. මේ රටේ සියලුම දේශපාලන පක්ෂ වලට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැර, අපි ආරාධනා කළා, ඒකට එදා සමගි ජන බලවේගයත් සහභාගී වුණා. අද, සමගි ජන බලවේගයේ මහ ලේකම්තුමා ඇතුළු, ඒ නායකත්ව කණ්ඩායම් එක්ක සාකච්ඡාව පැමිණියා ඒ පිළිබඳ. අපේ අරමුණ ඉදිරි මහමැතිවරණය, ජනාධිපතිවරණ සඳහා මනුෂ්‍යත්වයේ සන්ධානයක් බිහිකරගන්න. ඒ සඳහා අපි දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්කත්, එක්සත් ජාතික පක්ෂය එක්කත් දැන් අද සමගි ජන බලවේගත් එක්කත් කතා කළා. අපි අනිත් පක්ෂ එක්කත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.”