කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රම වාසනා අරමුදල යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් වල පාසල් ළමුන් 1000ක් සඳහා පාසල් උපකරණ අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ඊයේ (24) ප්රදානය කරනු ලැබුවා.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේ සංවිධානය කළ ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව මෙම පාසල් උපකරණ ලබාදීම සිදු කෙරුණා.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන මගින් අමාත්‍යාංශයේ යටතේ ඇති සියලුම ආයතන වල සේවාවන් ජනතාව සමීපයටම ගෙනයාම අපෙක්ෂා කරයි.