මෙරට සංචාරයක නිරත ඉරාන විදේශ අමාත්‍ය ආචාර්ය හුසේන් අමීර් අබ්දුල්ලාහියන් මහතා හා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත් වුණා.
අංශ ගණනාවක් ඔස්සේ දෙරටේ සහයෝගීතාව ශක්තිමත් කිරීමට සාකච්ඡා අතරතුරදී එකගතාවට එලඹි බවයි අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරන්නේ.
ඉරාන විදේශ අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අතර හමුව විදේශ කටයුතු අමාත්‍යංශයේදී ඊයේ සන්ධ්‍යාවේ පැවැත්වුණා.
වසර ගණනාවක ඓතිහාසික සබඳතා ශක්තිමත් වී ඇති බවත් ත්‍රස්තවාදය පරාජය කිරීමේදී ඉරානය දැක්වූ සහාය අමතක කළ නොහැකි බවත් අලි සබ්රි මහතා මෙහිදී පැවසුවා.
“වසර දහසකට අධික කාලයක් පුරා ඉරානය හා ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා මේ සංචාරය හරහා තවදුරටත් ශක්තිමත් වුණා කියලා කියන්න පුලුවන්.
දෙරටම තවදුරටත් සමීපව හා සහයෝගීතාවෙන් කටයුතු කරන්න පැවති සාකච්ඡා වැදගත් වනවා.
දේශපාලනික ,ආර්ථිකමය හා සංස්කෘතිකමය අංශ රැසක් මූලික කරගනිමින් පැවති සාකච්ඡා හරහා එකගතාවයන් රැසකට එලඹුණා.
උමා ඔය ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රි ලංකාවේ සංවර්ධන කටයුතු රැසකට ඉරානය අපට ණය පහසුකම් සළසලා තියෙනවා.
ශ්‍රී ලංකා ජනතාවට තවත් ශක්තියක් එක් කරමින් උමා ඔය ව්‍යාපෘතිය නුදුරේදීම ජනතා අයිතියට පත් කරන්නත් හැකියාව තියෙනවා.
ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ඉරානය අපට දැක් වූ සහයෝගය අගය කළ යුතුයි.
කලාපීය ආරක්ෂාව සාමය හා සමෘද්ධිය සඳහා අප දෙරටම කැපවී කටයුතු කරන බව මම අවධාරණය කරන්න කැමතියි.”
මාධ්‍ය හමුවට එක්වෙමින් ඉරාන විදේශ අමාත්‍ය ආචාර්ය හුසේන් අමීර් අබ්දුල්ලාහියන් මහතා මෙහිදී ප්‍රකාශ කළේ නුදුරු දිනකදී ඉරාන ජනාධිපතිවරයා ද මෙරට සංචාරයක නිරත වනු ඇති බවයි.
පලස්තීන ගැටලුවේදී ශ්‍රී ලංකාව ලබාදෙන සහාය ද ඔහු අගය කළා.
“අප අතර පැවතුනු සාකච්ඡා ඉතාමත් සාර්ථකයි කියලා කියන්න පුළුවන්.
විවිධ අංශ ඔස්සේ ඉතා දීර්ඝව වගේම විස්ථරාත්මකව එම සාකච්ඡා පැවැත්වුණා.
දෙරට අතර පවත්වන ඒකාබද්ධ ආර්ථික කොමිසමේ ඊළග වටය හැකි ඉක්මනින් පවත්වන්නත් අපි එකගතාවයකට පැමිණියා.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර සාර්ථක සාකච්ඡා පවත්වන්න මට හැකියාව ලැබුණා.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා මාගේ ජනාධිපතිවරයාට මෙරට සංචාරයක නිරත වෙන්න කියලා ආරාධනාවකුත් එහිදී සිදු කළා.
එම සංචාරය හරහා දෙරටේ සබඳතා තව දුරටත් ශක්තිමත් කර ගන්න්න පුළුවන් වෙයි කියාල මම විශ්වාසය පල කරනවා.”