දිවුලපිටිය නගර මධ්‍යයේ ප්‍රධාන ඔර්ලෝසු කණුව ආශ්රිත මංසන්ධියේ දෛනිකව ඇතිවන රථවාහන තදබදය වැළැක්වීම සම්බන්ධව ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව පරීක්ෂා කිරීමට ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම ප්‍රදේශයේ විශේෂ නිරීක්ෂණයකට එක් වුණා.
විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ආරාධනය පරිදි දිවුලපිටිය නගරය ආශ්‍රිතව නිරීක්ෂණයට එක් වූ අමාත්‍යවරයා එහි පවතින රථ වාහන තදබදය අවම වන ආකාරයට මංසන්ධිය ආශ්රිත ප්‍රදේශය වැඩිදියුණු කිරීම සඳහාත් දැනට තාවකාලික ඉදිකිරීම් ඇතුළු විවිධ හේතුන් මත අවහිරව පවතින පදික වේදිකාව ක්‍රමවත්ව ස්ථාපිත කිරීමටත් නගරයේ අවිධිමත් ලෙස සිදු කෙරෙන රථවාහන නතර කිරීම සඳහාත් විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමටත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.