විදෙස් සංචාරකයන් වෙනුවෙන් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ ඉදිකළ විශේෂ පහසුකම් සහිත ගොඩනැගිල්ල අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් විවෘත කෙරුණා.
මේ සඳහා වැයකළ මුදල රුපියල් මිලියන 20ක්.
ආකර්ෂණීයම දුම්රිය ස්ථාන අතරින් ප්රමුඛ ස්ථානයක් ගන්නා බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය මෙන්ම ඒ අවට සංචාරක ස්ථාන නැරඹීමට බොහෝ පිරිසක් දෛනිකව පැමිණෙනවා.
ඔවුන් වෙනුවෙන් පහසුකම් සැලසීම සඳහා ඉදිකළ නව ගොඩනැගිල්ල මාර්ගෝපකරණ කාමරය , විදේශීය සංචාරක විවේක කාමරය , ආපනශාලා ඇතුලු පහසුකම් වලින් සමන්විතයි.
සංචාරක අමාත්‍යාංශය සහ දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ අතර ඒ සදහා වැය කළ මුදල් රුපියල් මිලියන 20ක්.
මේ අතර 2048 දියුණු ශ්‍රී ලංකාවක් වැඩපිළිවෙල යටතේ ඇල්ල ලක්සල ප්‍රදර්ශනාගාරයේ ඉදිකිරීම් ආරම්භ කිරීම ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුකෙරුණා.
ග්‍රාමීය හස්තකර්මාන්ත නිර්මාණ සදහා වෙළෙඳපොළ පුළුල් කිරීමේ අරමුණින් මෙය ආරම්භ කෙරුණා.
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක , පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/wXbqwVNNRIM”]