දකුණු ගාසා තීරයේ රෆාහි අනතුරුදායක තත්ත්වය නැති කිරීම සඳහා තාවකාලික පියවරක් හෝ ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉල්ලා සිටිනවා.
තාවකාලික සටන් විරාමයකට හෝ යාම අත්‍යවශ්‍ය බවයි අපරාධ අධිකරණය පෙන්වා දෙන්නේ.
පලස්තීනුවන් මිලියන 1.4 ක පිරිසක් රැඳී සිටින රෆා ප්‍රදේශයට ඊශ්‍රායලය කිසිදු ආක්‍රමණයක් දියත් කරනු නැති බවට තමා බලාපොරොත්තු වන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.
ඛාන් යුනිස්හි නසාර් රෝහල ඊශ්‍රායලය ආක්‍රමණය කිරීමෙන් පසු එයට විදුලිය හා ඔක්සිජන් සැපයීම විසන්ධි කිරීම හේතුවෙන් රෝගීන් 05 දෙනෙකු මිය ගියා.
ගාසා තීරයේ බොහෝ පිරිසක් තම ජීවිත ගැටගසා ගැනීම සදහා වල්පැලෑටි මෙන්ම සත්ව ආහාර අනුබව කිරීමට පෙලඹී සිටින බවයි වාර්තා වුණේ.
ගාසා තීරයේ වර්ථමානයේ ඇති වූ ගැටුම්වලින් විසි අටදහසකට අධික පිරිසක් මියගොස් හැට අට දහසකට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.
මිය ගිය ඊශ්‍රායල ජාතිකයන් ගණන 1139 ක් වනවා.