මස්කෙලිය හැටන් , මස්කෙලිය නල්ලතන්නිය ඇතුළු මස්කෙලිය සිට ගමන් ආරම්භ කරන මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ මගි ප්‍රවාහන අවසරපත්‍ර ඇතිව ධාවනය කරන පෞද්ගලික බස් රථ සහ වෑන් රථ හිමියන් ඊයේ දින සිට ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් මගී ජනතාව සහ පාසල් ළමුන් දැඩි පිඩාවට පත්වී තිබෙනවා.
නල්ලතන්නිය සිට හැටන් දක්වා ධාවනය වු ලංගම බස් රථයක රියදුරු සහ කොන්දොස්තර සහ මස්කෙලිය සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර යන සිව්දෙනා හැටන් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ කුඩා මස්කෙලිය ප්‍රදේශයේදි ඇති වු ගැටුමට සම්බන්ධ ලංගම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් හැටන් මස්කෙලිය , මස්කෙලිය නල්ලතන්නිය , නල්ලතන්නිය සාමිමලේ ඇතුළු මස්කෙලිය අතුරු මාර්ග වල ධාවනය කරන මගි ප්‍රවාහන වෑන් රථ හිමියන් ඊයේ දින සිට වර්ජනයක් ආරම්භ කර තිබුණා.
මෙම ගැටුමට සම්බන්ධ ශ්‍රී පාද වන්දනාවේ ගාල්ල සිට පැමිණ ආපසු ලංගම බස් රථයෙන් ගමන් කරමින් සිටි තරුණයන් පස්දෙනෙකු සහ පෞද්ගලික බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා මස්කෙලිය පොලීසිය විසින් එදිනම සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එම සැකකරුවන් අතර සිටි ශ්‍රී පාද වන්දනාවේ පැමිණ සිටි බාල වයස්කරුවෙක් ඇප මත මුදා හැර සෙසු සැකකරුවන් 6 දෙනා මේ මස 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැටන් මහෙස්ත්‍රාත් එම්.ෆරුක්ඩින් මහතා නියෝග කළා.
පෞද්ගලික බස් රථ වර්ජනයට සමගාමිව හැටන් ලංගම ඩිපෝව මගින් ප්‍රමාණවත් බස් රථ ධාවනයට එක් නොකිරිම නිසා ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් මෙන්ම මස්කෙලිය මාර්ගයේ ගමන් ගන්නා මගි ජනතාව සහ පාසල් සිසුන් දැඩි අසිරුතාවයට පත් වී තිබෙනවා.
පෞද්ගලික බස් රථ හිමියන් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් අද දින සිට ආරම්භ වන සති අන්ත නිවාඩුවට ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් දැඩි පිඩාවට පත්වී ඇති බවයි නල්ලතන්නිය ප්‍රදේශවාසින් කියා සිටින්නේ.