මුලතිව් පොලිස් වසමේ තන්නිමුරුප්පු කැලෑබද ප්රදේශයක දී වෙඩිල්ලක් පත්තු වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මිය ගිය පුද්ගලයා සිය පුත්රයා සහ තවත් තිදෙනෙකු සමඟ පැලක රැඳී සිටිමින් කෑලෑව තුළ පැණි එකතු කිරීම සිදු කර තිබෙනවා.
එහි දී ඔවුන් සිටි පැලේ තිබූ ගිනි මැලයකට ඔවුන් රැගෙන ගිය ගිනි අවිය වැටීමෙන් එය ක්රියාත්මක වී තිබෙනවා.
පත්තු වූ වෙඩිල්ල මරණකරුට එල්ල වී ඔහු තුවාල ලබා ඇති අතර, රෝහල්ගත කිරීමට රැගෙන යාමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මුලතිව් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.