යාපනය ඉනුවිල් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක පිහිටි දුම්රිය හරස්මාර්ගයක් හරහා ධාවනය වූ වෑන් රථයක් ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් සිදු වූ මාරක රිය අනතුරකින් පියා සහ මාස 06 ක බිළිඳිය ඊයේ රාත්‍රියේ මිය ගොස් ඇති බව යාපනය පොලීසිය පවසනවා.
අනුරාධපුර සිට කන්කසන්තුරෙයි දක්වා ධාවනය වූ නගරාන්තර සීග්‍රගාමී දුම්රියකට මෙලෙස ඉනුවිල් දුම්රිය හරස්මාර්ගයකදී වෑන් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
දුමරිය හරස්මාර්ගයේදී වෑන්රථය ධාවනය වූ අවස්ථාවේදී ඒහි මුරකරුවෙකු නොසිටි බවටද ප්‍රදේශවාසීන් විසින් පොලීසියට පවසා තිබෙනවා.
අනතුරින් පසුව පියා සහ දියණිය ඒම ස්ථානයේම මිය ගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ මව මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබනවා.
වෑන් රථය පැදවූ රියදුරුගේ අපරික්ෂාකාරී බාවය අනතුරට හේතුව බවට සැකපල කරන බවයි යාපනය පොලීසිය ප්‍රකාශ කළේ.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ 32 හැවිරිදි පියා වූ සයන්තන් සහ ඔහුගේ දියණිය වූ මාස 06 ක් වයසැති අප්සරා නැමති අය වන අතර 22 හැවිරිදි මවගේ තත්වයද බරපතල බවට යාපනය රෝහල් වෛද්‍යවරුන් ප්‍රකාශ කළා.
අනතුරින් වෑණ්රථයටද බරපතල හානි සිදුව ඇති අතර දුම්රිය ධාවනයද පැයකට ආසන්න කාලයක් අඩාල වූ අතරම යාපනය පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.