අධ්‍යාපනය සම්බන්ධ ජාත්‍යන්තර අත්දැකීම් ඇති විශේෂඥයන් මෙරටට පැමිණ නිරීක්ෂණයෙන් පසුව රාජ්‍ය විශ්වවිද්‍යාල හරහා බහුවිධ උපාධි ලබාදීමට අවධානය යොමු කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා ප්‍රකාශ කළා.
එසේම ජාත්‍යන්තර විශ්වවිද්‍යාල 03ක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට මේ වන විට පියවර ගෙන තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.