මහජන උපයෝගීතා කොමිෂන් සභාව සිදු කළ විශ්ලේෂණයකට අනුව විදුලි ගාස්තුව සියයට 20ත් / 25ත් අතර ප්‍රතිශතයකින් අඩුකළ හැකි බව එම කොමිෂන් සභාවේ සේවක සංගමය සඳහන් කරනවා.
ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කළ විදුලි ගාස්තු සංශෝධනය හා විදුලි බල මණ්ඩලයේ නවතම මූල්‍ය ප්‍රකාශන මත පදනම්ව කළ අධ්‍යයනයෙන් මේ බව අනාවරණය වුණා.
කොමිෂන් සභාවේ සාමාජිකයන් ඉදිරියේ දී විදුලි ගාස්තු සම්බන්ධයෙන් තිරණයකට එළඹිමේ දී ස්වාධීන විශ්ලේෂණ / කොමිෂන් සභාවේ විදුලි ගාස්තු අංශයේ විශේෂඥයන්ගේ නිර්දේශ අනුව එය සිදුකළ යුතු බවයි සේවකයන් සඳහන් කරන්නේ.
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ තීරණවල සාධාරණ භාවය හා පාරදෘෂ්‍ය භාවය පිළිබඳ ජනතාව තුළ පැවති විශ්වාසය පලුළු වී ඇති බව ද සේවක සංගමය සඳහන් කරනවා.