හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට විරුද්ධ ව පනවා ඇති නඩුවක තීන්දුව ලබන අප්‍රේල් 25 වැනි දා ප්‍රකාශ කිරීමට නියමිත බව වාර්තා වේ.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද මේ බව සඳහන් කළා.
අමාත්‍යවරයකු ලෙස සිටි සමයේ අයථා ලෙස උපයා ගත් බවට සැලකෙන රුපියල් ලක්ෂ 274ක මුදලක් යොදවා බොරැල්ල ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසක් මිල දී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට විරුද්ධව පනවා ඇති නඩුවක තීන්දුව ලබන අප්‍රේල් 25 වැනි දා ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ප්‍රකාශ කළා.
අමාත්‍යවරයාට එරෙහි ව මෙම නඩුව ගොනු කර තිබෙන්නේ නීතිපතිවරයා විසින්.
නඩුව අද කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සනිල් කුලරත්න මහතා සහ විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ මහතා නඩුව සඳහා වාචික කරුණු දැක්වීම් සිදු කළා.