ඇමරිකාව බලා පිටත්ව ගිය ශ්රීලනිප සභාපති, හයවන විධායක ගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා ඊයේ අලුයම ඉන්දියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඇමරිකාවේ වොෂින්ටන් නුවරට ලඟා වුණා.
ඇමරිකාවේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා ගුවන්තොටුපළේදී ඉතා උණුසුම් අයුරින් පිලිගනු ලැබුවා.
ඉදිරි දින කිහිපය තුලදී ඉතා වැදගත් සාකච්ඡා ගණනාවකට හිටපු ජනාධිපතිතුමා සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.