සුළි කුණාටු හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ලක්ෂ පහකට ආසන්න පිරිසකට විදුලි බලය ඇණහිට තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයට බලපෑ සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් විදුලි රැහැන් වලට හානි සිදුව ඇති බව ඕස්ට්‍රේලියා මාධ්‍ය නිවේදනය කරනවා.
සුළි කුණාටු සමග අධික වර්ෂාපතනයක් ද ලැබී ඇති බව සදහන්.
ගස් කඩාවැටී ඇති අතර නිවාස රැසකට ද හානි සිදුව තිබෙනවා.
සුළි කුණාටුවට හසුවූ ගොවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ප්‍රාන්ත බලධාරීන් සදහන් කරන්නේ.
මේ අතර බටහිර වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව්ගිනි තත්ත්වයක් ද හටගෙන තිබෙනවා.
අධික සුළං හේතුවෙන් ලැව්ගිනි පාලනය කිරීමට අපහසු බවයි ගිනි නිවන කණ්ඩායම් පවසන්නේ.