ඇමෙරිකාවේ ස්වදේශ ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කෙරුණා.
ඇමෙරිකාවේ ස්වදේශ ආරක්ෂක ලේකම් ඇලහන්ඩ්රෝ මියෝකස්ට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය වසර 150කට පමණ පසු කැබිනට් සාමාජිකයෙකුට ගෙන ආ පළමු දෝෂාභියෝගය වනවා.
ඔහු ඉවත් කිරීමේ යෝජනාව රිපබ්ලිකන් පක්ෂය ගෙන ආ අතර නියෝජිත මන්ත්රී මණ්ඩල ඡන්ද විමසීමේ දී යෝජනාවට පක්ෂව ඡන්ද 214ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 213ක් ප්රකාශ කෙරුණා.
ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමා හරහා අඛණ්ඩව සංක්රමණිකයින් ඇමෙරිකාවට පැමිණීම සඳහා ඔහු වගකිව යුතු බවයි රිපබ්ලිකන් පක්ෂය චෝදනා කරන්නේ.
කෙසේ වුවද යෝජනාවට සෙනට් සභාව හිමිවිය යුතු අතර එහි බහුතර බලය පවතින්නේ ඩිමොක්රටික් පක්ෂය මතයි.