fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රෙදි ගේන මුවාවෙන් කළ නොහොඹිනා වැඩේ

hasiniek
By hasiniek පෙබරවාරි 13, 2024 17:41

රෙදි ගේන මුවාවෙන් කළ නොහොඹිනා වැඩේ

ව්‍යාජ ලෙස මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 15ක නිමි ඇදුම් අත්අඩංගුවට ගැනීමට රේගුව අද කටයුතු කළා.

රෙදි තොගයක් මෙරටට රැගෙන එන බවට සදහන් කරමිනුයි මෙම නිමි ඇදුම් තොගය ගොනැවිත් තිබෙන්නේ.

ඔරුගොඩවත්ත බහාලුම් අංගනයට ගෙනා කන්ටේනර් කීපයක් රේගුවේ ආදායම් අධීක්ෂණ අංශය විසින් පරීක්ෂා කළා.

රෙදි බවට ප්‍රකාශ කරමින් නීති විරෝධී ලෙස බහාලුම් 4ක මෙරටට රැගෙන ආ නිමි ඇදුම් එක්ලක්ෂ හැටදහසක තොගයක් රේගු භාරයට ගැනීමට අද කටයුතු කෙරුණා. එම තොගයේ වටිනාකම රුපියල් කෝටි 15කට ආසන්න බවයි රේගුව සදහන් කළේ.

මෙලෙස නීතිවිරෝධී ලෙස නිමි ඇදුම් රැගෙන ඒමෙන් සිදුව ඇති බදු වංචාව රුපියල් බිලියන 60කට ආසන්න බවටයි හෙළිවී තිබෙන්නේ.

මේ අතර මෙම අංගනයේ තවත් බහාලුමක තිබී රුපියල් මිලියන 88ක වෙළෙදපොල වටිනාකමකින් යුත් නීති විරෝධීව මෙරටට රැගෙන ආ උදු තොගයක් ද රේගු නිලධාරීන් සොයා ගත්තා.

ඒවා මෙරටට රැගෙනවිත් තිබුණේ සහල් තොගයක් ගෙන එන මුවාවෙන්.

ඔරුගොඩවත්ත බහාලුම් අංගනය වෙත පැමිණ මෙම භාණ්ඩ පරීක්ෂා කළ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ මහා පරිමාණ ව්‍යාපාරිකයින් මෙම ජාවාරම දිගින් දිගටම සිදුකරන බවයි.

hasiniek
By hasiniek පෙබරවාරි 13, 2024 17:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්