fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2024 12:49

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

නියමිත කාලසීමාව තුළ ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම්දෙනවා.

ඒ අනුව දැනට පවතින කාලසීමාවට අනුව ලබන වසරේ මහ මැතිවරණද පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.

එයට අවශ්‍යය මූලය ප්‍රතිපාදන 2025 අයවැයෙන් ලබාදෙන බවයි සඳහන් වෙන්නේ.

මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිසම සතු වන අතර රජය අවශ්‍ය විටදී කොමිසම සමඟ සන්නිවේදනය කිරීම සිදුවන බවයි එම අංශය වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ.

මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු වන අතර අවශ්‍ය අවස්ථාවන්හිදී රජය මැතිවරණ කොමිෂන් සභාව සමඟ සම්බන්ධ වී කටයුතු කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2024 12:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්