fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 7 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2024 10:51

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 7 දෙනෙකු අත්අඩංගුවට

සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ සිසුවියෙකුට සහ සිසුන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ සිසුන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන්ට එම පීඨයේම ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් රාත්‍රීයේ විදුලිය විසන්ධි කර පහරදීමේ සිද්ධියක් වාර්තා වුණේ පසුගිය 9 වනදායි.

තුවාල ලැබු සිසුවියක සහ සිසුන් දෙදෙනෙකු රෝහල් ගත කෙරුණා.

පිටතින් ආහාර රැගෙනවිත් කෘෂි විද්‍යා පීඨයේ ආපනශාලාවේ දී ආහාර ලබා ගනිමින් සිටිය දී මෙසේ ජ්‍යෙෂ්ඨ සිසුන් පහරදුන් බවයි ඔවුන් පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 7 දෙනා බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2024 10:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්