fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකා ආරක්ෂක ලේකම් රෝහල්ගත කරයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2024 09:49

ඇමරිකා ආරක්ෂක ලේකම් රෝහල්ගත කරයි

ඇමරිකා ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් රෝහල්ගත කර තිබෙනවා.

මුත්‍රාශයේ හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ආරක්ෂක ලේකම් ධුරයේ වැඩ බැලීම සදහා නියෝජ්‍ය ආරක්ෂක ලේකම්වරයා පත්කර ඇති බව පෙන්ටගනය නිවේදනය කරනවා.

70 හැවිරිදි ඔස්ටින් ප්‍රතිකාර සඳහා වර්ජිනියාවේ වෝල්ටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙරද පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා රෝග විනිශ්චය හා තවත් රෝග කිහිපයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කර සිටියා.

එම අවස්ථාවේ දී ඒ පිළිබඳව ධවල මන්දිරය දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා දැඩි විවේචනයටද ලක්වුණා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2024 09:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්