fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙඩි වැදී ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2024 07:22

වෙඩි වැදී ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට

මල්වතුහිරිපිටිය බටේපොල ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී වෙඩි වැදී රෝහල් ගත කෙරුණු පොලිස් සැරයන්වරයා මියගොස් තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි පොලිස් නිලධාරියා මියගියේ.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු සහ ඔහුට සැගව සිටීමට අනුබල දුන් සැකකාරියක විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත්තා.

මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඩායමක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඇතිවූ ගැටුමේ දී අදාළ සැකකරු පොලිස් නිලධාරියාගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සාහ කළා.

එහිදී ගිනි අවිය ක්‍රියාත්මකවීම හේතුවෙන් පොලිස් නිලධාරියා බරපතල තුවාල ලැබුවා.

ඒ සමඟ සැකකරු රාජකාරි ගිනි අවිය ද රැගෙන පළාගිය බවටයි වාර්තා වුණේ.

තුවාල ලැබූ පොලිස් නිලධාරියා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

ඔහු අද උදෑසන මියගිය බවටයි වාර්තා වුණේ.

51 හැවිරිදි වියේ පසුවූ පොලිස් සැරයන්වරයා ඉහළ ලුණුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය පරීක්ෂණ සිදුකළ අතර ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔහු බිංගිරිය බෝලවත්ත ප්‍රදේශයේ නිවසක සැගව සිටියදීයි.

පොලිස් සැරයන්වරයාට අයත් ගිනි අවිය සහ මිලිමීටර් 9 වර්ගයේ පතරොම් සහ සැකකරු පැමිණි ත්‍රි රෝද රථය ද විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගත්තා.

සැකකරුට ආධාර අනුබල දුන් කාන්තාවක්ද අත්අඩංගුවට ගැණුනා.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ සහ මල්වතුහිරිපිටිය පොලිස් ස්ථාන වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2024 07:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්