fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගනිස්තානයට එරෙහි තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2024 05:15

ඇෆ්ගනිස්තානයට එරෙහි තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (11) පැවති තරගයේ දී ලකුණු 155ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 308ක් ලබා ගත්තා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 74කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් සමග ලකුණු 97ක් රැස්කර ගත්තේය.

නායක කුසල් මෙන්ඩිස් ලකුණු 61ක්ල, සදීර සමරවික්‍රම ලකුණු 52ක්  රැස්කර ගැනීමට සමත්විය.

නවක ක්‍රීඩක ජනිත් ලියනගේ ඊයේ තරගයේදී සිය දෙවන එක්දින අර්ධ ශතකය රැස්කිරීම ද විශේෂත්වයකි.

අනතුරුව ලකුණු 309ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 33යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 153ක් පමණයි.

එමෙන්ම දෙවන එක්දින තරගය ලකුණු 155කින් ජය ගැනීමත් සමග ශ්‍රී ලංකාව තරග තුනකින් සමන්විත තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට සමත් වුණා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2024 05:15

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්