ශ්‍රී ලංකාවේ රේගුවේ නිෂ්කාශනය නොවූ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ ක්‍රම මගින් ලියාපදිංචි වූ වාහන 156ක් පිළිබද නිෂ්චිත තොරතුරු හෙළිකර ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභා නිලධාරීන්ට හැකිවී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පස් දෙනෙකු ඇතුළත්ව 7 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාෂණය නොවූ මෝටර් රථ ඇතුළු වාහන 400ක් පමණ ව්‍යාජ ක්‍රම මගින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවී ඇති බවට තොරතුරු ලැබී තිබුණා.
ඉන් වාහන 156ක් පිළිබද නිෂ්චිත තොරතුරු සොයාගත් බවයි අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභා නිලධාරීන් පවසන්නේ.
මෙම බොහොමයක් වාහන සුඛෝපභෝගී වාහන කාණ්ඩයට ඇතුළත්.
මෙම වාහන නිසා ආකාරයට නිෂ්කාෂණය නොවීම සහ ව්‍යාජ ලෙස ලියාපදිංචිවීම මත රජයට විශාල බදු මුදලක් ඇහිමිවී තිබෙනවා.
ඒ අනුව මෙම වාහන අතරින් වාහන 7ක් අයිතිකරුවන්ගෙන් ලබාගෙන රේගුවට භාරදෙන ලෙස නිකුත් කෙරුණු අධිකරණ නියෝග මත වාහන 6ක් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභා භාරයට ගෙන තිබෙනවා.
ඉන් වාහන 5ක්ම මේ වනවිටත් රේගුව වෙත භාරදී අවසන් බවයි අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව සදහන් කරන්නේ.